අධ්‍යාපනය හා දැණුම අද අප සතු වටිනාම සම්පත්ය.තරගකාරි සමාජ රටව තුල එකිනෙකා පරයා නැගී සිටීමට දැණුම ඉමහත් උපකාරි වේ.සමාජ තරාතිරම,ගෞරවය යනාදිය නිතැතින්ම අධ්‍යාපනික මට්ටම මත බොහෝවිට රදාපවතී.අදවනවිට සියලුම පාහේ රටවල් දැණුම මත පදනම් වූ ආර්ථිකයක් කරා කෙමෙන් ඇදෙමින් පවතී.එනම් එය අනාගත සමාජය තුල දැණුමට ඉහල වටිනාකමක් ලැබෙන බවට කදිම ශාක්ෂියකි.මෙම තරගකාරිත්වය හා අවස්තාවන් හදුනාගත් බොහෝ දෙනා දැණුම ලබාගැනීමට උත්සුක වෙයි.පහසුවෙන් දැණුම සොයාගැනීමට හා ලබාගැනීමට අදවනවිට මාර්ග බොහොමයක් ඇත.නවීන තාක්ෂණයේ සහයෙන් ඒම මාර්ග පහසු වී ඇත.තාක්ෂණික මෙවලම් භාවිතය ඉහල යාමත් සමග පොත් පරිශීලකයන්ගේ ප්‍රමාණයේ යම් අඩුවක් තිබුන්ද බොහෝ පාඨකයන් ප්‍රමාණයක් ත්වමත් ඇත.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය මගින් වසරක් පාසා ක්‍රියාත්මක වන “පහන් දොර” වැඩසටහන මගින් ඉමහත් සමාජ මෙහෙවරක් ඉටු කරමින් ඇත.අඩු පහසුකම් සහිත පාසල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ට පොත් පර්ත්‍යාග කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම මෙහෙවරයි.මෙමගින් ඔවුන්ගේ දැණුම වර්ධනය කර සාර්ථක,වැඩදායි හා අර්ථවත් පුරවැසියෙක් සමාජ්යට දායක කිරීමට රුකුලක් වීම අපගේ අභිප්‍රායයි.මේවර මෙම වැඩසටහන මගින් පුත්තලම කන්දතුඩුවාව මහා විද්‍යාලයට පොත් 1500ක පමන ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට හැකීවීම අප ලද ජයග්‍රහණයකි.ඒ සදහා අප පීඨයේ සියලු සහෝදරත්වයද, අධ්‍යන හා අනධ්‍යන සෙවක මණඩලයෙන් පූර්ණ දායක්ත්වය ලැබුනි.ඉදිරි වසර වලදීද මෙවන් වැඩසටහන් මගින් තවත් පාසල් බොහොමයක දරුවන්ට රුකුලක් වීමට අප පීඨ ශිෂ්‍ය සංගමය නියමිතය.

Leave a Comment