ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ, පීඨ ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛත ම අනුකමිටුවක් ලෙස මාධ්‍ය අනුකමිටුව හැදින්විය හැකිය. මාධ්‍ය අනුකමිටුව මගින් පීඨ ශිෂ්‍ය සංගමයේ සියලු මාධ්‍ය කටයුතු, ප්‍රචාරක කටයුතු සහ පීඨය ප්‍රවර්ධන්යට කටයුතු සිදුකරනු ලබයි. එම මහගු මෙහෙවරෙහි එක් ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස මාධ්‍ය අනුකමිටුව විසින් ආරම්භ කරන ලද අහිලෑ හිත සගරාව හැදින්විය හැකිය.මේ වනවිට මෙම සගරාවේ කලාප දෙකක් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට දායාද කිරීමට අප මාධ්‍ය අනුකමිටුව සමත් වී ඇත.
අහිලෑ හිත සගරාවේ ප්‍රධාන අරමුණ වන්නේ අප පීඨයේ විද්‍යාර්ථීයින්ගේ කලා හැකියාවන්ට නව ජීවයක් ලබාදී ඔවුන්ගේ එම කලා හැකියාවන් සමාජගත කිරීමයි. සගරාව එළි දැක්වීම මෑත කාලයේ කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී තිබිනි.මන්ද යත් අප පීඨයේ සහෝදරත්වයට සහජයෙන් ලද, එහෙත් සැගව ගොස් පැවති කලා හැකියාවන් එලිදැක්වීමට වෙනත් අවස්ථාවක් නොමැති වීමයි. පීඨයේ අධ්‍යාපන කටයුතු අතරේ මේ සදහා කාලය වෙන් කරමින් නිසදැස්, කවි, ලිපි නිර්මාණය කරමින් දායක වූ පීඨයේ සියලුම සහෝදර සහෝදරියන්ට ස්තුතිවන්ත වන අතර ඉදිරියේදී එලිදැක්වීමට නියමිත අහිලෑ හිත සගරා සදහා ද ගුණාත්මක හා හරවත් නිර්මණ වලින් දායක වන මෙන් පීඨයේ සියලු සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Comment