අප තනි වී ඇති මොහතක
කවුරුත් නැත සනසන්නට
අප නිවහන වෙතට පැමිණ
හැකිද අපට දිරිය දෙන්න

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යනු සමාජයේ ආන්තික හා අත්හරින ලද කණ්ඩායම් වලින් එකකි.වර්ථමානය වන විට අප රටේ පමනක් නොව ලෝකයේ දියුණු නොදියුණු සෑම රටකම වාගේ ශාරීරික, මානසික, චර්යාත්මක හා අවබෝධාත්මක ලෙසින් ආබාධ සහිත දරුවන්ගේ ප්‍රමාණය ක්‍රමත් ක්‍රමයෙන් ඉහල යමින් පවති.ළදරු වියේදී ආබාධ හටගත්තද ඔවුන් ජීවිත කාලය පුරාවටම මෙමගින් පීඩවට පත්වෙයි.බොහෝ විට ජීවිත කාලය පුරාවටම අන් අයෙකුගේ උපකාරය මත ‍යැපෙති.ආබාධිතයින්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන කුමන වදනින් අර්ථකතනය කලද ඔහුවු ද විශ්ව මානව ප්‍රකාශනයේ සියලු අයිතීන් ඇති සම්මත සමාජ සාමාජිකයෝය.නමුත් ඔවුන් විවිද හිංසනයන්ට හා නොසලකා හැරීම් වලට ගොදුරුවේ.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල ජීවිත වලට මැදිහත් වීමෙන් සමාජය තුල මුල් බැස ඇති පදනම් විරහිත සිතුවිලි හා ආකල්ප වෙනස්කොට ඔවුන් සමාජ ජීවිතය සදහා හුරුකල යුතුය.දරුවාට කුඩාකල සිටම අධ්‍යාපන ක්‍රියාකාරකම් වලට යොමු කිරීම සහ ඇගයීමකට ලක්කිරීම, දෛනික සනීපාරක්ෂක ක්‍රමවේද ක්‍රියාකාරකම් සදහා දරුවා යොමුකිරීම, හැසිරීම් රටා අධ්‍යනය මගින් සැලසුම් කල යුතුය.සෑම වසරකම දෙසැම්බර් මස 03 එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන්ට ගෞරව දැක්වීමේ අන්තර්ජාතික දිනය නම් කර ඇත.ආබධ සහිත පුද්ගලයන්ගේ නිර්මණ හැකියාවන් සහ කෞෂල්‍යයද වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම කළ යුතුය.ඊට පිලියමක් ලෙස සමාජසේවා දෙපාර්තුමේන්තුව විසින් සෙමින් මනස වැඩෙන දරැවන් සදහා වූ “සහන පියස” වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටවා ඇත.
එම වෘතීය පුහුණු මධ්‍යස්ථානයේ සිටින දරුවන්ට පොත්පත් ,සනීපාරක්ෂක ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ දානමය පුණ්‍යකර්මය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර පීඨයේ සියලු සහෝදරත්වයේ දායකත්වයෙන් 2019.12.01 වන දින එම මධ්‍යස්තානයේදී සිදුකරන ලදී.එදින එම දරුවන්ගේ කුසලතා ඇගයීමට ලක්කර ඔවුන් දිරි ගැන්වීම සදහා චිත්‍ර තරගයක්ද පවත්වා ත්‍යාග පිරිනමන ලදී.ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා සංගීත වැඩසටහනක්ද පවත්වන ලදී.ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ලෙස අප සමාජයට ආදර්ශයක් වෙමින් වසරක් පාසා මෙවැනි දාන්මය පුණ්‍යකර්මයන්ට සහභාගි වීමට හැකි වීම අප ලැබූ ඉමහත් භාග්‍යකි.

Leave a Comment