ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශුසම්පත්, ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව හා බෝධි පූජාව මෙවර වර්ෂ 2018 ක් වූ පොසොන් මස 09 වන දින සවස 5.00 ට මාකඳුර වැවේ පන්සල් භූමියේදි පැවැත්විණි “සුනාථ ධාරේථ චරාථ ධම්මේ” අසා, ධාරණය කර ධර්මයෙහි සැරි සරන්නට යාත්‍රාවක් ලෙස ”ධර්ම යාත්රා – 2018” තේමාව කරගත් මෙම පිංකම පැවැත්වණු ලැබුවේ විශ්වවිද්‍යාලීය අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලයත් සියළු සහෝදර සහෝදරියන්ටත් ආශිර්වාද කරමින් හා අප අතරින් හදිසියේම වියෝ වූ කුශාන්ත ලීලාරත්න හා මහිදන් සහෝදරයන් සිහිපත් කරමිනි.පීඨයේ සියළු විද්යාථීන්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජාව පැවැත්වූ අතර ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ පූජ්ය ගාල්ල විදුර ස්වාමීන් වහන්සේ විසිනි.

Leave a Comment