පරිගණක ක්‍රිඩා ලෝකයේ  පරිගනක ක්‍රිඩා  E-sport ලෙස හදුන්වනු ලබයි.ශ්‍රි ලාංකීය සමාජය තුල      E-sport එතරම් ජනප්‍රිය නොවුනත් යුරෝපීය ඈමරිකානු සමාජය තුල ඉතාම ජනප්‍රිය අංගයකි.The International,EVO Champion Series   වැනි තරගාවලි ලෝකයේ ඉතාමත් ජනාදරයට බදුන් E-sport තරගාවලි ලෙස නම් දරා ඇත.මෙවැනි තරගාවලි  ලොව වටා ක්‍රිඩ්කයින් දහස් ගනනක්  සහබාගීත්වයෙන් පැවෙත්වේ.

 

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පශුසම්පත් ධීවර හා පෝෂණ පීඨය මගින් පස්වන වන වරට  සංවිධානය කරන ලද පරිගනක ක්‍රිඩා තරගාවලිය මාකදුර පරිශ්‍රයේදි 2017.08.16 දින පැවැත්විනි.එහිදි ප්‍රධාන වශයෙන්  Call Of Duty ,NFS ,Subway Surface, Mortal Combat  පරිගනක ක්‍රිඩා  ඉතා සාර්ථකව පැවැත්විනි.මෙහිදි සිසුන්ට විඩාබර අධ්‍යාපන රටාවෙන් මොහොතකට මිදී පරිගණක      ලෝකයේ එක්තරා වින්දනාත්මක මාවතකට පිවිසීමට මහගු අවස්ථාවක් උදාවිනි.

ශ්‍රි ලාංකීය වැඩිහිටි සාමාජය තුල E-sport සදහා ප්‍රසාදාත්මක අදහසක් නොතිබුනද යෞවනයන් හා පාසල් සිසුන් හට කුතුහලයක් ඇත.මෙමගින් විනෝදාස්වාදය පමනක් ලැඛෙන බව බොහෝ දෙනගේ මතය වුවද ලෝකයේ එදා මෙදා තුර පැවති සමික්ෂණ මගින්  ක්‍රිඩකයාට ලබාගත හැකි යහපත් ගුණාංග රැසක් සොයාගෙන ඇත.

  • නව පරිගනක තාක්ෂණික පරිසර තත්ත්ව යටතේ ඉහල විනෝදාස්වාදයක් ලද හැකිවීම.
  • ආධුනිකයන් තුල පරිගනක කෙරහි වැඩි ලැදියාවක් ඇතිකර පරිගනක පරිශිලනය සදහා ඔවුන් තුල වැඩි නැඹුරුවක් අති කිරිම.
  • ලෝකයේ සැබෑ වශයෙන්ම පවතින එහෙත් බොහෝ විට කිසිම දිනක ඒවාට සම්බන්ද වීමට ඉඩක් නොලැඛෙන්නාවු ඇතැම් සුවිශේෂ ක්‍රියාකරකම් වලට සැබෑලෙසින් වගේ සහබාගි වීමට ඇතැම් පරිගනක  ක්‍රිඩ මගින් අවස්ථාව ලද හැකිය.
  • අධ්‍යාපනික කටයුතු සදහා විශේෂයෙන් වෙන් වු පරිගනක ක්‍රිඩා ඇත.එ මගින් අධ්‍යාපනික අරමුණුද ඉටුකරගත හැකය.
  • තර්කානුකූලව ගැටලු විසදීමේ සහ තීරන ගැනීමේ හැකියව දියුණුකර ගැනීම සදහාද  යොදා ගත හැකය.

 

මෙවැනි තවත් ගුණාංග බොහොමයක් අපට තවදුරටත් සොයා බැලීමේදි හදුනාගත හැකිය.සීග්‍රගාමි පරිගණක ලෝකය සමග උරෙනුර ගෑටෙමින් ශ්‍රි ලංකා වයඹ විශ්විද්‍යාලයද තාරුණ්‍ය ජවය හා කුසලතා සමග තවත් මෙවැනි අනගි තරගාවලි සමග ඉදිරියට යනු ඇත.

 

Leave a Comment