සදා අනුස්මරණීයසහෝදරත්වයක සරසවි නික්මයාම

ඉතා වෙහෙසකර වූත් තරගකාරී වූත් උසස්පෙළ විභාගය ජයගෙන සරසවි වරම් ලබනුයේ ඉතා සුළුතරවූ ශිෂ්‍ය පිරිසකි. පාසල් මානසිකත්වයෙන් මිදී ගතානුගතික නොවූ නව්‍ය චින්තන රටාවකට පෙරමග තනන්නට ඔවුනට අවස්ථාව ලැබේග හුදෙක් පොතපත අද්‍යාපනයෙන් ඔබ්බට සමාජීය උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිමට සරසවිය මහගු පිටිවහලකි. වයඹ සරසවි සහෝදරත්වය ඉන් පෙරමුණේලා කටයුතු කරයි.

2012/2013 කණ්ඩායම වසර හතරක් පුරාවට සරසවි මෑනියන්ගේ උන්නතිය උදෙසා කල මෙහෙවරත් තම කනිශ්ඨ සහෝදරත්වය වෙනුවෙන් වූ නිබඳ මගපෙන්වීමත් යෝධ ශක්තියටත් මෙහිදී උපහාර පුදනු ලබයිග සියලුම වසරවල සහෝදරත්වයේ සහභාගීත්වයෙන් හැඩවන මෙම උළෙල ඉතා හැඟුම්බර හා ප්‍රමෝදජනක මතකසටහනක් බවට නොඅනුමානය.

Leave a Comment