දෙන්න ලේ බිදක් රුකගන්න ජීවයක් යන තේමාව යටතේ අප රටේ මෙන්ම ලොකයේ බොහෝ රට වලද ලේ දන් දීමේ පුණ්‍යකර්ම විශාල වශයෙන් පැවැත් වේ එහෙත් අනෙකුත් රටවල් හා සසදන කල මෙරට ලේ දන්දීමේ ප්‍රරවනතාවය ඉතා ඉහල අගයක පැවතීම ලාංකිකයන් ලෙස අපට සතුටට කාරනයකි. දන් දීම හෙල ස්ංස්කෘතියේ එදා සිට පැවත එන අනගි ලක්ශණයකි. එය අදද නොමියව පවතින බවට මෙය කදිම නිදසුනකි. අකාලයේ මරු තුරුලට යන අහින්සක ජීවිත දහස් ගනනක් ජීවත් කිරීමට ඔබ අප ලබා දෙන ඒ කුඩා ලේ බිදුවට හැකිය. විවිද රෝග වලින් පීඩා විදින හා හදිසි අනතුරු වලට ලක්ව ලේ අවශ්‍ය වන රෝගින් වත්මන් කාලය තුල ඉහල ගොස් ඇත. මේ නිසා අද වන විට අවශ්‍ය ලේ ප්‍රමණය දිනෙන් දින ඉහල යමින් පවති. ශ්‍රි ලංකා සෞක්‍ය අමාත්‍යශය යටතේ ක්‍රියාත්මක වන භඊඔී ආයතනය මගින් ශ්‍රි ලංකාව තුල රුධිර එකතු කිරීමේ කටයුතු ඉතා සක්‍රියව සිදුකරමින් සමස්ත ලාංකික ප්‍රජාවටම මහගු සේවයක් ඉටු කරමින් ඇත. NBTS ආයතනය මගින්  පසුගිය වසර තුල පමනක් රුධිර ඒකක 350,000 ක ප්‍රමාණයක් මිලියන 2.1 ක් වු රුධිර දායකයන්ගෙන් ලබාගෙන ඇත. මෙයින් 4% ක ප්‍රමාණයක් වසරක් තුල එක්වරකට වඩා රුධිරය දායක කර ඇත.

ශ්‍රි ලංකා  වයඹ විශ්වවිද්‍යාලයේ පශුසම්පත් ධීවර හා පොෂණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමෙ පුණ්‍යකර්මය 2017.09.06 දින උදෑසන 9 සිට සවස 4 දක්වා පැවැත්විනි. එහිදි පශු සම්පත් ධීවර හා පොෂණ පීඨයෙන්ද කෘශිකර්ම හා වැවිලි කලමණාකරන සහෝදර පීඨයෙන්ද අවට ගම්වාසීන්ගේද කාරුනික හදවත් මෙම අවස්තාව සාර්ථක කරගැනීමට මහත් රුකුලක් විය. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ලෙස අපටද වසරක් පාසාම මෙවැනි සත්කාරයකට සහබාගි වීමට ලෑබීම භාග්‍යකි.

Leave a Comment