සිසු විරු දිනය – 2022

එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ.. ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම…

Read More

පින්බර පොසොන් දිනයක් වේවා !!

සකල ශ්‍රී ලාංකිකයන් මෝහාන්ධකාරයෙන් මුදාලනු වස් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් බුදුදහම රැගෙන මිස්සක පවුව මතින් වැඩම කළා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොසොන් සඳ කිරණෙන් ලක්දීපයම නැහැවෙනා සියලු සතන් ධර්මාලෝකෙන් ආලෝකමත් වන්නා වූ පින්බර පොසොන් දිනයක් වේවා !! පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Read More