අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ…
පොළව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ…
ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවන ගමන ගෙනියන්න වීරිය දරන මිහිපිට වෙසෙන ජීවමාන දෙවියන්ගේ සැමරුම් දිනය අදයි. ජාත්යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය 8ක වැඩ මුරයක් ඉල්ලා කරන ලද කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙලවර වූයේ ලෝක ඉතිහාස පොතට අලුත් දිනයක් එක් කරමිනි. ලෝක කම්කරු ප්රජාව සමග එක්ව ශ්රී ලාංකික කම්කරු ජනයා පළමුවරට කම්කරු දිනයක් සැමරුවේ 1927දී ය. මේ එහි 133වෙනි සැමරුමයි. වර්තමානය වන විට මැයි දිනය වැඩ කරන ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීම වෙනුවට තම තමන්ගේ දේශපාලන බලය පෙන්වන පෙළපාලි හා සංදර්ශන වලට සීමා වී හමාරය. එදා ඔවුන් තම ඉල්ලීම් වෙනුවෙන් සටන් නොකලා නම් අද අපට බොහෝ දේ අහිමි වන බව විශ්වාසය. එබැවින් කම්කරු රුධිරයේ රක්ත වර්ණයෙන් උපන් මැයි දිනය නිසි අරුතෙන් සැමරීමට සුදුසුම කාලය දැන් උදා වී තිබේ.
පීඨ ශිෂ්ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය.
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය.

Leave a Comment