සිව්කොණක් යා කොට
එකම සෙවණක පහස ලද
මමය මාගේය කිසිත් නැති
අපිය අපේය සියල් ඇති
මහ හීන පොදි අහුරු බැඳි
එක්ව එකාවන්ව පෙරට ඇඳි
සොයුරු පෙම අකුරු කරන්නට
දන්න සියලුම වචන මදි….
 
සවිය වූ රස වූ සරසවි බිම
විඳින්නට පෙරුමන් පුරන හැටි
වින්ද විඳවුන මතක අස්සෙන්
පන්හිඳෙන් රස මවාලන්නට
සහස් මග බලන් ඇති…
 
කැඩපතක දිස්නයෙන් මත්වුන
හුස්ම ගන්නා අකුරු මැද්දෙන්
හැඩකළ අපේ පවුර
වයඹ සුවිසල් සොයුරු බැම්මේ…
මෙලෙස දිගහැරෙනු ඇති…
 
මාධ්ය අනුකමිටුව
පීඨ ශිෂ්ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලය

Leave a Comment