ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේදී එළි දක්වනු ලැබූ “මිස්සක අභිවන්දනා – පොසොන් බැති ගී සරණිය” කෘෂිකර්ම හා වැව්ලි කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය හා පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධනය කරනු ලැබීය.
බොදු බැති ගී, බෞද්ධ නාට්‍ය ආදියෙන් සමන්විත වූ මෙය 2018 ජුනි මස 27 වන දින පස්වරු 6.00 සිට විශ්වවිද්‍යාල පරිශ්‍ර පිවිසුම අසලදී පවත්වනු ලැබීය
එහිදී සහභාගී වූ සිසුන් වෙනුවෙන් මෙන්ම පොදු මහජනතව උදෙසාද විස්කෝතු හා සිසිල් පැන් දන්සලක්ද පවත්වනු ලැබීය.
මෙය නැරඹීමේ අවස්ථාව විශ්වවිද්‍යාල පරිශ්‍ර දෙකෙහිම සිසුන් හට උදා වූ අතර, ගම් වැසියන්ගේ සහභාගීත්වය ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයක් විය. සියල්ලන්ගේම සහභාගීත්වය මත, ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු මෙම කර්තව්‍ය සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබීමට අදාල පීඨයන්හි සිසුන් ලැබු ජයග්‍රහනයක් විය.

Leave a Comment