ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය මඟින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ "පින්සාර වයඹ ගැබ නිද්‍රාණ කලාමල් සුපුෂ්පිත සුයාමය - රූ සර ඡායා" ගැන තතු බිඳක් මේසේ සටහන් කරමු. "රූ සර ඡායා - 2018" ප්‍රාසාංගික පෙළහර මෙවර ඔක්තෝබර් මස 03 වන දින කුලියාපිටිය පරිශ්‍රයේදී පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාර වේදිකා මස්තකයේදී ප්‍රධාන ආරාධිත ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විකසිත විය. මෙහි ආරම්භය 2016 වර්ෂයට දිවයන අතර, එකල පීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටු සභාපති නඳුන් ලලාන් ෆොන්සේකාගේ වෑයමෙන් විකසිත වන්නට ගිය රූ සර ඡායා විවිධ ගැටළු හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. නමුත්, එය රූ සර ඡායා - 2017 නමින් 2017 ඔක්තෝබර් වන 15 දින එවකට කලා අනුකමිටු සභාපති හරිත් පද්මකුමාරගේ මඟ පෙන්වීමෙන් පන්නල ප්‍රජා ශාලාවේදී කුළුදුලේ දි වේදිකාගත විය. එය යලිත් 2018 වර්ෂයේ, පීඨ ශිෂ්‍ය සංගම් සභාපති නවීන් මධුසංඛ, ලේකම් සචිනි පියුමාලි, උපසභාපති උමේෂ් රාජපක්ෂ ඇතුළු කලා අනුකමිටුවේ සහ පීඨ ශිෂ්‍ය සංගම් සභාපති මදුක ප්‍රභාත් ඇතුළු පීඨ ශිෂ්‍ය සංගමයේ මඟ පෙන්වීමත් මහත් වෑයමත් මල්පල ගන්වමින් විචිත්‍රවත්ව නිර්මාණය විය. රූ සර ඡායා - 2018 ප්‍රසංගය විවිධ නර්ථන, ගායන, වාදන, රංගන අනූන රඟමඩලක් වූ අතර, එය වඩාත් අලංකරනය සඳහා මලිත කැලුම් ප්‍රමුඛ "WayoTunes" සංගීත කණ්ඩායමට හැකිවිය. මෙහිදී අනුග්‍රහය Control Union Inspections (Pvt) Ltd සහ Maam Biscuits Lanka (Pvt) Ltd මඟින් ද මාධ්‍ය සහය Wayoscope සහ වයඹ විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මඟින් සැපයුණි.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය මඟින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ “පින්සාර වයඹ ගැබ නිද්‍රාණ කලාමල් සුපුෂ්පිත සුයාමය – රූ සර ඡායා” ගැන තතු බිඳක් මේසේ සටහන් කරමු. “රූ සර ඡායා – 2018” ප්‍රාසාංගික පෙළහර මෙවර ඔක්තෝබර් මස 03 වන දින කුලියාපිටිය පරිශ්‍රයේදී පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාර වේදිකා මස්තකයේදී ප්‍රධාන ආරාධිත ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විකසිත විය. මෙහි ආරම්භය 2016 වර්ෂයට දිවයන අතර, එකල පීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටු සභාපති නඳුන් ලලාන් ෆොන්සේකාගේ වෑයමෙන් විකසිත වන්නට ගිය රූ සර ඡායා විවිධ ගැටළු හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. නමුත්, එය “රූ සර ඡායා – 2017” නමින් 2017 ඔක්තෝබර් වන 15 දින එවකට කලා අනුකමිටු සභාපති හරිත් පද්මකුමාරගේ මඟ පෙන්වීමෙන් පන්නල ප්‍රජා ශාලාවේදී කුළුදුලේ දි වේදිකාගත විය. එය යලිත් 2018 වර්ෂයේ, පීඨ ශිෂ්‍ය සංගම් සභාපති නවීන් මධුසංඛ, ලේකම් සචිනි පියුමාලි, උපසභාපති උමේෂ් රාජපක්ෂ ඇතුළු කලා අනුකමිටුවේ සහ පීඨ ශිෂ්‍ය සංගම් සභාපති මදුක ප්‍රභාත් ඇතුළු පීඨ ශිෂ්‍ය සංගමයේ මඟ පෙන්වීමත් මහත් වෑයමත් මල්පල ගන්වමින් විචිත්‍රවත්ව නිර්මාණය විය. “රූ සර ඡායා – 2018” ප්‍රසංගය විවිධ නර්ථන, ගායන, වාදන, රංගන අනූන රඟමඩලක් වූ අතර, එය වඩාත් අලංකරනය සඳහා මලිත කැලුම් ප්‍රමුඛ “Wayotunes” සංගීත කණ්ඩායමට හැකිවිය. මෙහිදී අනුග්‍රහය Control Union Inspections (Pvt) Ltd සහ Maam Biscuits Lanka (Pvt) Ltd මඟින් ද මාධ්‍ය සහය “Wayoscope” සහ වයඹ විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මඟින් සැපයුණි.

Leave a Comment