පශු සම්පත් ධීවර හා පෝශණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය, ආගමික අනු කමිටුව , කලා අනුකමිටුව ,මාධ්‍ය අනුකමිටුව හා ක්‍රීඩා අනුකමිටුව එක්ව ඉදිරිපත් කරනු ලැබූ ආමිසමය පූජාවයි ශාක්‍යාලෝක 2020.

රටේ පවතින වසංගත තත්ත්වයන් හමුවේ සමාජ දුරස්ථකරණයට ප්‍රමුඛතාව ලබා දෙමින් මාර්ගගතව ඉදිරිපත් කරන ලද වෙසක් මංගල්‍යක් ලෙස ශාක්‍යාලෝක 2020 හැදින්විය හැක.

ශාක්‍යාලෝක 2020 ප්‍රධානවම තරග කොට්ඨාශ 2 බෙදා දැක් විය හැක.එහිදී ජනප්‍රියම හා දක්ශතම යන අංශ දෙකෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට පීඨ විද්‍යාර්තයින්ට හා ආදී පීඨ විද්‍යාර්තයින්ට අවස්තාව හිමි විය.
දක්ශතම තරග අංශය යටතේ දක්ශතම පද්‍ය , දක්ශතම නිසදැස , දක්ශතම ගද්‍ය , දක්ශතම චිත්‍රය තෝරා පත්කර ගැණිනි.ජනප්‍රියම තරග අංශය යටතේ ජනප්‍රියම වෙසක් සැරසිල්ල , ජනප්‍රියතම වෙසක් චායාරූපය , ජනප්‍රියතම වෙසක් චිත්‍රය තෝරා පත් කරගැණිනි.

ශාක්‍යාලෝක 2020 පශුසම්පත් ,ධීවර හා පෝශණ පීඨයේ පීඨ විද්‍යාර්තයින්ට හා ආදී විද්‍යාර්තයින්ට තම නිර්මාණ කෞශල්‍ය බුදු තෙමගුලේ ආමිසමය දානයක් ලෙස ලබාදීමට තැනූ ශ්‍රද්ධාමය පූජාවක බව කිව හැකිය.