The Post Grid

සිසු විරු දිනය – 2022

එදා ඔවුන්ගේ රුහිරු බිඳු තුළින් සාරවත් වූ මේ කර්කෂ පොළොවේ නොපිපි කුසුම් ගොනු පූදින්නට විය. නූපන් පරම්පරාවක සිහින වෙනුවෙන් දිවි නොතකා තම කුලුදුල් යෞවනය සින්න කළ ඔවුහු, සැබෑම සිසු විරුවන් ය. ඒ අසීමාන්තික ස්නේහය සිහිකරනු වස්, සදා අමරණීය සිසු විරුවනි , ඔබට පිදෙන්නා වූ උපහාරයයි මේ.. ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම... ...

පින්බර පොසොන් දිනයක් වේවා !!

සකල ශ්‍රී ලාංකිකයන් මෝහාන්ධකාරයෙන් මුදාලනු වස් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උතුම් බුදුදහම රැගෙන මිස්සක පවුව මතින් වැඩම කළා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. පොසොන් සඳ කිරණෙන් ලක්දීපයම නැහැවෙනා සියලු සතන් ධර්මාලෝකෙන් ආලෝකමත් වන්නා වූ පින්බර පොසොන් දිනයක් වේවා !! පීඨ ශිෂ්‍ය සංගමය, පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ...

තිස්තුන් වසරක කුරිරු යුද්ධය නිමා කර අදට වසර දහතුනයි….!

ඊලාම් බලාපොරොත්තුවක් අරමුණ කරගෙන මෙරට අහිංසක ජනතාව පීඩාවට පත් වූ තිස් වසරක කුරිරු යුද්ධයෙන් නිදහස ලබාගෙන අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස දහතුන්වන වසර අද සමරන්නෙමු. යුද්ධයේ දී මිය ගිය , ආබාධිත වූ සියලුම මනුශ්‍යන් ද රට වෙනුන්වෙ දිවි පිදූ සියලුම රණවිරුවන්වද ගෞරව සම්ප්‍රයුක්ත්ව සිහි කරන්නෙමු. නැවත අපගේ මාතෲභූමියට එවන් කිසිදු විපතක් ඇති නොවේවා !!! ජාති... ...

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය සමරමු……

ලෝ වැසි සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය අදයි. අප මහා තිලෝගුරු ගෞතම බුද්ධ රාජයාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. තෙරුවන මූලික කරගනිමින් බෞද්ධ සිද්ධස්ථාන වටා එක්වන ජනයා මේ සමරන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් පුන්‍යෝත්සවය යි. බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත්... ...

සිසු-ජන අරගලය

ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරලමු! 74 වසක් රට විනාශ කළ දේශපාලුවන්ගේ පාලන ක්‍රමයට තිත තබමු.. ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් පෙළගැසෙමු. ජන අරගලයට ශක්තියක් වෙමින් වයඹ විශ්වවිද්‍යාලයීය සිසුන් අරගලයට එක්වෙයි… පීඨ ශිෂ්‍ය සංගමය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය. ...

133 වැනි මැයි දින සැමරුම

අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ… පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… ගතේ සවියට වඩා හිතේ සවියෙන් ජීවන ගමන ගෙනියන්න වීරිය දරන මිහිපිට වෙසෙන ජීවමාන දෙවියන්ගේ සැමරුම් දිනය අදයි. ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ඇමරිකානු කම්කරුවන් පිරිසක් පැය 8ක... ...